Archive for 2013

Monday, November 18, 2013


හද තුල ඉපදී හද තුල මියැදුන

මෙලොව එළිය දකිනට පින් මදි වුන

සෙනෙහෙ නැමති දෙව්දුව සතපන්නද

හිමියනි ඔබ ඔය තොටිලි තනන්නේ

 

මගෙ හද ගැබ ඇ ට සුවයක් නොවුනිද

නුඹෙ රැකවරණය අඩුවක් දැනුනිද

එන්නට යන ලොව ගැන බිය හිතුනිද

ඇය කිසිදා නෑ එළිය දකින්නේ

 

දැනගත් දා ඇය හදට වැඩිය වග

මතකද අප මැව් සිහින අහස් ගැබ

හිමියනි දැනුනා ඇය මියගිය බව

නුඹ තවමත් නෑ එය අදහන්නේ

 

ඇය රැක ගන්නට අපට වරම් නැති

හීන දරන්නට දැන් හිත ඉඩ මදි

පෙර බවයකදිත් මෙලෙසම වෙන්නැති

මම ආයෙත් නෑ සෙනෙහෙ දරන්නේ

Saturday, September 28, 2013



ගෙත්තම

Posted by a
Monday, July 8, 2013


කලා සොලොසක් බලා උන්නට
කලින් පුර හඳ ඇවිත් අහසට
දමා ගගනත ගැඹුරු අඳුරට
නික්මුනා සඳ කලින් පොහොයට

දරාගෙන ලය දවන ගිනි කඳ
නිහඩ විමි මම වාවාන හද
පායයිද යලි අකල් පුන් හඳ
නෙතු තවම ඒ අහස මත රැඳ
Sunday, March 24, 2013
කවියක් ගොතන්නට සිත නෑ දැන් එකග
පදවැල් ඇමිනුවත් අදහස් නෑ ලගක
සිතුවිලි දහ අතේ ගොස් කරනා තරග
දැනේවි මටත් ප්‍රථිපල මේවයෙ දිනක 
 
 

අලස සීතල වැදී ඇට මිදුළු ගල් වෙලා
දිරිය සිත පණ පෙවූ කවි සිතුම් ගොළු වෙලා
ලොවක ගැරහුම් මැදින් ජීවිතය දිය වෙලා
පැතුම් ලොව වසා ගති රුදුරු වූ කළු වලා

කම්මැලි

Posted by a
Thursday, March 21, 2013
මට ඒ කරුම ලෙඩේ හැදුනෙ මීට අවුරුද්දකට විතර කලින්. අඩුවෙයි අඩුවෙයි කියල හිතල කාගෙන හිටියත් වුනේ දවසින් දවස වැඩි වුන එක විතරයි. තත්වය නරක අතට හැරෙන බව තේරුම් ගත්ත මම නොයෙක් ගොඩ වෙදකම් කරන්න පටන් ගත්ත. කෝ එකක්වත් ඇහුවෙ නෑ. හැබැයි සමහර ඒවට අඩුවක් පෙනුන. ඒත් ආයෙ තිබුන විදියටම කාලයක් යද්දි ලොඩ් මතු වුනා.
තියන ලැජ්ජාව නිසා හංගගෙන හිටියත් තනියම විසදුම් හොයන්න බැරි බව තේරුනාට පස්සෙ මට විශ්වාසවන්තම වෛද්‍යවරු දෙතුන් දෙනෙකුගෙම උපදෙස් පැතුව. සාර්ථක වුනේ නෑ. අන්තිමේ හොදටම වැඩිවුනා. බැරිතැන මං දන්න දන්න ඔක්කොම වෙද්දු ගාවට ගියා. මේ මං කියපු වෛද්‍යවරු ඔක්කොම වෙදකම් කලේ අත්දැකීමෙන්. සමහරුන්ට කලින් මේ ලෙඩේ හැදිල හොඳවෙලා තිබුන. සමහරුන්ට හොඳ වෙලාම නෑ. කවුරු ලග වත් මේකට හරි බේතක් තිබුනෙ නෑ. හැමෝම කිව්වෙ බේතක් තාම හොයාගෙන නෑ කියල. අතරින් පතර පය බරවායට පිටිකර බෙහෙත් බඳින වෙද්දුත් මුණ නොගැහුනා නොවෙයි. හොඳ වෙලාවට ඒ උපදෙස් එක කනකින් අහල අනෙත් කනෙන් පිට කරන්න තරම් මට මොලේ තිබුන.
ඒ වුනත් දක්ෂ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම ලෙඩේ හදුනගත්ත. ඒක විෂබීජයක්. ‘ඔහු‘. ඔහු නැමති විෂබීජය දරුණුලෙස ආසාදනය වෙලයි තිබුනෙ. ඒ අය කිවුවෙ මේකට බෙහෙත් එක එක්කෙනාට ආවේණික නිසා හරියන බෙහෙත මටම ඉබේ හම්බවෙයි කියල. හැබැයි ඒ කොච්චර කාලෙකින්ද කියල එයාලට කියන්න බැරිවුන නිසා මටත් ඒ උපදෙස් එච්චර වැදගත් වුනේ නෑ.
මේ අතර ලෙඩේ උත්සන්න වුනේ මට ජීවිතෙත් එපා වෙන තැනට පත් කරල. කර කියා ගන්න දෙයක් නැතුව මම ජීවත් වුනේ හුස්ම ගන්න මළ මිනියක් වගේ.
ඒත් එක දවසක්. ඔව් ඒ අතරෙ එක දවසක් අහම්බෙන් මං නුඹව දැක්කෙ. ඇත්තෙන්ම පළමු දැක්මම මට යම් සහනයක් ගෙනාව. ඒත් මං දැනං හිටියෙ නෑ මේ තමයි ඒ බේත කියල. ආයෙ ඒ බේත ගන්න ඕනෙ කියලවත් කල්පනාවක් මට තිබුනෙ නෑ. බඩේ අමාරුවක් හැදුනම බල්ලො ‍පොළවෙ වලක් හාරගෙන පස් කන්නෙත් බළල්ලු තණකොළ කන්නෙත් කවුරුත් උගන්නල නෙවේ. ඒ ඉවට. මටත් හොඳටම අමාරු වුන වෙලාවක ඒ ඉව පහල වෙලා නුඹ හොයාගෙන ආවෙ.
මුලින්ම බොහොම පොඩ්ඩක් තමයි මං පාවිච්චි කලේ. හරිම වේගයෙන් සුවය දැනෙන බව තේරුනා. ඒ සත්‍ය වශයෙන්ම නුඹ, නුඹ නැමති ඹෞෂධය නිසා බව මට තේරැම් යන්න වැඩි කලෙයක් ගියෙ නෑ. හැමදාම මම ඉන් යම් ප්‍රමාණයක් ගන්න පුරුදු වුනා. බලාගෙන ඉන්නැද්දි මම සුවපත් උනේ. සුවය මට දුන්නු පුදුමාකිර සැහැල්ලුවට මම වසග වු‍නා.
මම තව තවත් ඒ ජීව ඹෞෂධය භාවිතා කලා. ටික දවසක් ගියාමයි මට මතක් වුනේ මං දැන් සුවපත් නිසා ඹෞෂධ අවෂ්‍ය නැති බව. මම බේත නතර කලා. එක දවසයි ගෙවුනෙ මෙන්න මං ආයෙ අසනීපෙන්. මං ආයෙත් ගත්ත. ඒත් පරිස්සමට අඩු කර කර. ටික ටික තමයි තේරුනේ දැන් හැදෙන්නෙ කලින් අසනීපෙ නෙවෙයි. වෙන එකක්. ඒක හැදුනොත් කලින් එකට වඩා අන්තයි. දැන් බේත් නතර කරන්නත් බෑ. තව බොන්නත් බෑ. මට මතකයි, මට බේත් නතර කරන්න තිබුන, ලෙඩේ හොඳ වෙච්ච ගමන්. ඒත් මට ලෝබ හිතුන, නුඹ දුන්නු සුවයෙන් මිදෙන්න. දැං මං ඇබ්බැහි වෙලා.

අනේ නුඹේ ඇග වටේටත් ලේබලයක් ඔතල තිබුනනම්..
‘ නියමිත මාත්‍රාව පිළිපදින්න‘ කියල.

මම ආයෙ අසනීප නොවෙන්නම තිබුන.

හිත හදාගනු පිණිස
Saturday, March 9, 2013
තෙමුනු නුවන දුටු අහඹු දසුන නුඹ
සිත කම්පිත කෙරුව..
නෙතේ නොරැද හදවතටම ඇතුළුව කදුලැල් පිසදැමුව
නමක් නොමැති හැගුමක් සිත තවරා
හසරැල් මතු කෙරුව..
නුඹම නිවූ හද යලිත් දැවේවිද නුඹ නොදකිනු බැරැව..
Thursday, March 7, 2013


කාලෙකට පස්සෙ ගොඩක් හිතට වදින සින්දුවක් ඇහුවෙ. මේ පද ටික දැකපු ගමන් කාට කාටත් හිතාගන්න පුළුවන් ඇතිනෙ සින්දුව මොකක්ද කියල.

මේ සින්දුව ගැන මාව හිතන්න පෙලඹෙව්ව හේතු 2ක් තිබ්බ. එකක් තමයි මේක කියන හඩ. ඒ හඩ නොහදුනන එකෙක් ලංකාවෙ නැති තරම්. ඒත් මං කියන්නෙ ඒක ගැන නෙවේ. මේ ගීතය කාන්තා හඩකින් ගායනා වීමත් ලොකු විශේෂත්වයක් හැටියටයි මට පේන්නෙ.

ගොඩක් වෙලාවට මිනිස් සිතේ ඇතිවන මෙවැනි හැගීම් එළියට එන්නෙ පිරිමි කටහඩ වලින්. ඒ තත්වය මමනම් දකින්නෙ ගැහැනුන්ට එවැනි හැගීම් ඇතිවීම අස්වාභාවික බවක් සමජ ගත කිරීමට ගන්නා උත්සහයක් විදිහටයි. නමුත් නන්දා මාලිනී වැනි ඉහල මට්ටමේ ලා ගැනෙන ගායිකාවක් මෙවැනි ගීතයක් ගායනා කිරීම සම්පදායට කෙරෙන අභියෝගයක් බදුයි. ඇත්තෙන්ම මනුෂ්‍යත්වය පිළිබද ඇති එවැනි දුර්මත දුරු කිරීම සදහා මෙවැනි අභියෝගයන් සමාජයට තවත් අවශ්‍යයි.

මම මීට කැමති වීමට ඇති අනිත් හේතුව නම් ඔබ බොහෝ දෙනෙකුට මෙන්ම මටත් මෙය ජීවිත අත්දැකීමක් වීමයි. වෙන අන් කවර පදයකටත් වඩා මෙන්න මේ පද කිහිපය...

මුහුන දෙමින් සර පහරට අනංගයා විදපු
නොදැක හිටිය දවස් වලට ඉකි බිද බිද හඩපු
කාත් කවුරුවත් නැති තැන තුරුළු වෙලා දොඩපු
පැහැය සුවද කොහෙ ගිහින්ද මල් වල මං නෙලපු



හිතල බලන්නෙ ජීවිතේ කොයිම හරි කාලෙකදි මේ අත්දැකීම ඔබටත් සමීප වෙලා නැද්ද කියල.
Monday, February 25, 2013
පලවා හරිනු පිනිස
පත්තු කලෙමි මම
ලන්තෑරුම...
Best Blogger TipsReply itBest Blogger Templates

අදුර

Posted by a

ලන්තෑරුම් හිමිකාරි

එලි වර්ග

ආලෝකමත් වන අය

ආලෝකමත් වූ ගණන

Copyright © Samanalee Jayamaha