Posted by : a Monday, July 8, 2013



කලා සොලොසක් බලා උන්නට
කලින් පුර හඳ ඇවිත් අහසට
දමා ගගනත ගැඹුරු අඳුරට
නික්මුනා සඳ කලින් පොහොයට

දරාගෙන ලය දවන ගිනි කඳ
නිහඩ විමි මම වාවාන හද
පායයිද යලි අකල් පුන් හඳ
නෙතු තවම ඒ අහස මත රැඳ

{ 1 comments... read them below or add one }

  1. පෑයු පුන්සඳ දරාගන්නට
    තරම් ශක්තිය නොමැති ගගනත
    දිහා බලමින් වැහිවලාවක
    වැලපෙමින් සැඟවුනා පුන්සඳ

    ReplyDelete

ලන්තෑරුම් හිමිකාරි

එලි වර්ග

ආලෝකමත් වන අය

ආලෝකමත් වූ ගණන

Copyright © Samanalee Jayamaha