Monday, November 18, 2013
හද තුල ඉපදී හද තුල මියැදුන
මෙලොව එළිය දකිනට පින් මදි වුන
සෙනෙහෙ නැමති දෙව්දුව සතපන්නද
හිමියනි ඔබ ඔය තොටිලි තනන්නේ
මගෙ හද ගැබ ඇ ට සුවයක් නොවුනිද
නුඹෙ රැකවරණය අඩුවක් දැනුනිද
එන්නට යන ලොව ගැන බිය හිතුනිද
ඇය කිසිදා නෑ එළිය දකින්නේ
දැනගත් දා ඇය හදට වැඩිය වග
මතකද අප මැව් සිහින අහස් ගැබ
හිමියනි දැනුනා ඇය මියගිය බව
නුඹ තවමත් නෑ එය අදහන්නේ
ඇය රැක ගන්නට අපට වරම් නැති
හීන දරන්නට දැන් හිත ඉඩ මදි
පෙර බවයකදිත් මෙලෙසම වෙන්නැති
මම ආයෙත් නෑ සෙනෙහෙ දරන්නේ
Tag :// කවි
Monday, July 8, 2013
කලා සොලොසක් බලා උන්නට
කලින් පුර හඳ ඇවිත් අහසට
දමා ගගනත ගැඹුරු අඳුරට
නික්මුනා සඳ කලින් පොහොයට
දරාගෙන ලය දවන ගිනි කඳ
නිහඩ විමි මම වාවාන හද
පායයිද යලි අකල් පුන් හඳ
නෙතු තවම ඒ අහස මත රැඳ
කලින් පුර හඳ ඇවිත් අහසට
දමා ගගනත ගැඹුරු අඳුරට
නික්මුනා සඳ කලින් පොහොයට
දරාගෙන ලය දවන ගිනි කඳ
නිහඩ විමි මම වාවාන හද
පායයිද යලි අකල් පුන් හඳ
නෙතු තවම ඒ අහස මත රැඳ
Tag :// කවි
Sunday, March 24, 2013
Tag :// කවි
Thursday, March 21, 2013
තියන ලැජ්ජාව නිසා හංගගෙන හිටියත් තනියම විසදුම් හොයන්න බැරි බව තේරුනාට පස්සෙ මට විශ්වාසවන්තම වෛද්‍යවරු දෙතුන් දෙනෙකුගෙම උපදෙස් පැතුව. සාර්ථක වුනේ නෑ. අන්තිමේ හොදටම වැඩිවුනා. බැරිතැන මං දන්න දන්න ඔක්කොම වෙද්දු ගාවට ගියා. මේ මං කියපු වෛද්‍යවරු ඔක්කොම වෙදකම් කලේ අත්දැකීමෙන්. සමහරුන්ට කලින් මේ ලෙඩේ හැදිල හොඳවෙලා තිබුන. සමහරුන්ට හොඳ වෙලාම නෑ. කවුරු ලග වත් මේකට හරි බේතක් තිබුනෙ නෑ. හැමෝම කිව්වෙ බේතක් තාම හොයාගෙන නෑ කියල. අතරින් පතර පය බරවායට පිටිකර බෙහෙත් බඳින වෙද්දුත් මුණ නොගැහුනා නොවෙයි. හොඳ වෙලාවට ඒ උපදෙස් එක කනකින් අහල අනෙත් කනෙන් පිට කරන්න තරම් මට මොලේ තිබුන.
ඒ වුනත් දක්ෂ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම ලෙඩේ හදුනගත්ත. ඒක විෂබීජයක්. ‘ඔහු‘. ඔහු නැමති විෂබීජය දරුණුලෙස ආසාදනය වෙලයි තිබුනෙ. ඒ අය කිවුවෙ මේකට බෙහෙත් එක එක්කෙනාට ආවේණික නිසා හරියන බෙහෙත මටම ඉබේ හම්බවෙයි කියල. හැබැයි ඒ කොච්චර කාලෙකින්ද කියල එයාලට කියන්න බැරිවුන නිසා මටත් ඒ උපදෙස් එච්චර වැදගත් වුනේ නෑ.
මේ අතර ලෙඩේ උත්සන්න වුනේ මට ජීවිතෙත් එපා වෙන තැනට පත් කරල. කර කියා ගන්න දෙයක් නැතුව මම ජීවත් වුනේ හුස්ම ගන්න මළ මිනියක් වගේ.
ඒත් එක දවසක්. ඔව් ඒ අතරෙ එක දවසක් අහම්බෙන් මං නුඹව දැක්කෙ. ඇත්තෙන්ම පළමු දැක්මම මට යම් සහනයක් ගෙනාව. ඒත් මං දැනං හිටියෙ නෑ මේ තමයි ඒ බේත කියල. ආයෙ ඒ බේත ගන්න ඕනෙ කියලවත් කල්පනාවක් මට තිබුනෙ නෑ. බඩේ අමාරුවක් හැදුනම බල්ලො පොළවෙ වලක් හාරගෙන පස් කන්නෙත් බළල්ලු තණකොළ කන්නෙත් කවුරුත් උගන්නල නෙවේ. ඒ ඉවට. මටත් හොඳටම අමාරු වුන වෙලාවක ඒ ඉව පහල වෙලා නුඹ හොයාගෙන ආවෙ.
මුලින්ම බොහොම පොඩ්ඩක් තමයි මං පාවිච්චි කලේ. හරිම වේගයෙන් සුවය දැනෙන බව තේරුනා. ඒ සත්‍ය වශයෙන්ම නුඹ, නුඹ නැමති ඹෞෂධය නිසා බව මට තේරැම් යන්න වැඩි කලෙයක් ගියෙ නෑ. හැමදාම මම ඉන් යම් ප්‍රමාණයක් ගන්න පුරුදු වුනා. බලාගෙන ඉන්නැද්දි මම සුවපත් උනේ. සුවය මට දුන්නු පුදුමාකිර සැහැල්ලුවට මම වසග වුනා.
මම තව තවත් ඒ ජීව ඹෞෂධය භාවිතා කලා. ටික දවසක් ගියාමයි මට මතක් වුනේ මං දැන් සුවපත් නිසා ඹෞෂධ අවෂ්‍ය නැති බව. මම බේත නතර කලා. එක දවසයි ගෙවුනෙ මෙන්න මං ආයෙ අසනීපෙන්. මං ආයෙත් ගත්ත. ඒත් පරිස්සමට අඩු කර කර. ටික ටික තමයි තේරුනේ දැන් හැදෙන්නෙ කලින් අසනීපෙ නෙවෙයි. වෙන එකක්. ඒක හැදුනොත් කලින් එකට වඩා අන්තයි. දැන් බේත් නතර කරන්නත් බෑ. තව බොන්නත් බෑ. මට මතකයි, මට බේත් නතර කරන්න තිබුන, ලෙඩේ හොඳ වෙච්ච ගමන්. ඒත් මට ලෝබ හිතුන, නුඹ දුන්නු සුවයෙන් මිදෙන්න. දැං මං ඇබ්බැහි වෙලා.
අනේ නුඹේ ඇග වටේටත් ලේබලයක් ඔතල තිබුනනම්..
මම ආයෙ අසනීප නොවෙන්නම තිබුන.
Tag :// ජීවිතේ
Tag :// කවි
Saturday, March 9, 2013
Tag :// කවි