Archive for March 2013
Sunday, March 24, 2013
Tag :// කවි
Thursday, March 21, 2013
තියන ලැජ්ජාව නිසා හංගගෙන හිටියත් තනියම විසදුම් හොයන්න බැරි බව තේරුනාට පස්සෙ මට විශ්වාසවන්තම වෛද්‍යවරු දෙතුන් දෙනෙකුගෙම උපදෙස් පැතුව. සාර්ථක වුනේ නෑ. අන්තිමේ හොදටම වැඩිවුනා. බැරිතැන මං දන්න දන්න ඔක්කොම වෙද්දු ගාවට ගියා. මේ මං කියපු වෛද්‍යවරු ඔක්කොම වෙදකම් කලේ අත්දැකීමෙන්. සමහරුන්ට කලින් මේ ලෙඩේ හැදිල හොඳවෙලා තිබුන. සමහරුන්ට හොඳ වෙලාම නෑ. කවුරු ලග වත් මේකට හරි බේතක් තිබුනෙ නෑ. හැමෝම කිව්වෙ බේතක් තාම හොයාගෙන නෑ කියල. අතරින් පතර පය බරවායට පිටිකර බෙහෙත් බඳින වෙද්දුත් මුණ නොගැහුනා නොවෙයි. හොඳ වෙලාවට ඒ උපදෙස් එක කනකින් අහල අනෙත් කනෙන් පිට කරන්න තරම් මට මොලේ තිබුන.
ඒ වුනත් දක්ෂ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම ලෙඩේ හදුනගත්ත. ඒක විෂබීජයක්. ‘ඔහු‘. ඔහු නැමති විෂබීජය දරුණුලෙස ආසාදනය වෙලයි තිබුනෙ. ඒ අය කිවුවෙ මේකට බෙහෙත් එක එක්කෙනාට ආවේණික නිසා හරියන බෙහෙත මටම ඉබේ හම්බවෙයි කියල. හැබැයි ඒ කොච්චර කාලෙකින්ද කියල එයාලට කියන්න බැරිවුන නිසා මටත් ඒ උපදෙස් එච්චර වැදගත් වුනේ නෑ.
මේ අතර ලෙඩේ උත්සන්න වුනේ මට ජීවිතෙත් එපා වෙන තැනට පත් කරල. කර කියා ගන්න දෙයක් නැතුව මම ජීවත් වුනේ හුස්ම ගන්න මළ මිනියක් වගේ.
ඒත් එක දවසක්. ඔව් ඒ අතරෙ එක දවසක් අහම්බෙන් මං නුඹව දැක්කෙ. ඇත්තෙන්ම පළමු දැක්මම මට යම් සහනයක් ගෙනාව. ඒත් මං දැනං හිටියෙ නෑ මේ තමයි ඒ බේත කියල. ආයෙ ඒ බේත ගන්න ඕනෙ කියලවත් කල්පනාවක් මට තිබුනෙ නෑ. බඩේ අමාරුවක් හැදුනම බල්ලො පොළවෙ වලක් හාරගෙන පස් කන්නෙත් බළල්ලු තණකොළ කන්නෙත් කවුරුත් උගන්නල නෙවේ. ඒ ඉවට. මටත් හොඳටම අමාරු වුන වෙලාවක ඒ ඉව පහල වෙලා නුඹ හොයාගෙන ආවෙ.
මුලින්ම බොහොම පොඩ්ඩක් තමයි මං පාවිච්චි කලේ. හරිම වේගයෙන් සුවය දැනෙන බව තේරුනා. ඒ සත්‍ය වශයෙන්ම නුඹ, නුඹ නැමති ඹෞෂධය නිසා බව මට තේරැම් යන්න වැඩි කලෙයක් ගියෙ නෑ. හැමදාම මම ඉන් යම් ප්‍රමාණයක් ගන්න පුරුදු වුනා. බලාගෙන ඉන්නැද්දි මම සුවපත් උනේ. සුවය මට දුන්නු පුදුමාකිර සැහැල්ලුවට මම වසග වුනා.
මම තව තවත් ඒ ජීව ඹෞෂධය භාවිතා කලා. ටික දවසක් ගියාමයි මට මතක් වුනේ මං දැන් සුවපත් නිසා ඹෞෂධ අවෂ්‍ය නැති බව. මම බේත නතර කලා. එක දවසයි ගෙවුනෙ මෙන්න මං ආයෙ අසනීපෙන්. මං ආයෙත් ගත්ත. ඒත් පරිස්සමට අඩු කර කර. ටික ටික තමයි තේරුනේ දැන් හැදෙන්නෙ කලින් අසනීපෙ නෙවෙයි. වෙන එකක්. ඒක හැදුනොත් කලින් එකට වඩා අන්තයි. දැන් බේත් නතර කරන්නත් බෑ. තව බොන්නත් බෑ. මට මතකයි, මට බේත් නතර කරන්න තිබුන, ලෙඩේ හොඳ වෙච්ච ගමන්. ඒත් මට ලෝබ හිතුන, නුඹ දුන්නු සුවයෙන් මිදෙන්න. දැං මං ඇබ්බැහි වෙලා.
අනේ නුඹේ ඇග වටේටත් ලේබලයක් ඔතල තිබුනනම්..
මම ආයෙ අසනීප නොවෙන්නම තිබුන.
Tag :// ජීවිතේ
Tag :// කවි
Saturday, March 9, 2013
Tag :// කවි
Thursday, March 7, 2013
කාලෙකට පස්සෙ ගොඩක් හිතට වදින සින්දුවක් ඇහුවෙ. මේ පද ටික දැකපු ගමන් කාට කාටත් හිතාගන්න පුළුවන් ඇතිනෙ සින්දුව මොකක්ද කියල.
මේ සින්දුව ගැන මාව හිතන්න පෙලඹෙව්ව හේතු 2ක් තිබ්බ. එකක් තමයි මේක කියන හඩ. ඒ හඩ නොහදුනන එකෙක් ලංකාවෙ නැති තරම්. ඒත් මං කියන්නෙ ඒක ගැන නෙවේ. මේ ගීතය කාන්තා හඩකින් ගායනා වීමත් ලොකු විශේෂත්වයක් හැටියටයි මට පේන්නෙ.
ගොඩක් වෙලාවට මිනිස් සිතේ ඇතිවන මෙවැනි හැගීම් එළියට එන්නෙ පිරිමි කටහඩ වලින්. ඒ තත්වය මමනම් දකින්නෙ ගැහැනුන්ට එවැනි හැගීම් ඇතිවීම අස්වාභාවික බවක් සමජ ගත කිරීමට ගන්නා උත්සහයක් විදිහටයි. නමුත් නන්දා මාලිනී වැනි ඉහල මට්ටමේ ලා ගැනෙන ගායිකාවක් මෙවැනි ගීතයක් ගායනා කිරීම සම්පදායට කෙරෙන අභියෝගයක් බදුයි. ඇත්තෙන්ම මනුෂ්‍යත්වය පිළිබද ඇති එවැනි දුර්මත දුරු කිරීම සදහා මෙවැනි අභියෝගයන් සමාජයට තවත් අවශ්‍යයි.
මම මීට කැමති වීමට ඇති අනිත් හේතුව නම් ඔබ බොහෝ දෙනෙකුට මෙන්ම මටත් මෙය ජීවිත අත්දැකීමක් වීමයි. වෙන අන් කවර පදයකටත් වඩා මෙන්න මේ පද කිහිපය...
මුහුන දෙමින් සර පහරට අනංගයා විදපු
නොදැක හිටිය දවස් වලට ඉකි බිද බිද හඩපු
කාත් කවුරුවත් නැති තැන තුරුළු වෙලා දොඩපු
පැහැය සුවද කොහෙ ගිහින්ද මල් වල මං නෙලපු
හිතල බලන්නෙ ජීවිතේ කොයිම හරි කාලෙකදි මේ අත්දැකීම ඔබටත් සමීප වෙලා නැද්ද කියල.
Tag :// සිතුවිලි