Archive for November 2013

Monday, November 18, 2013


හද තුල ඉපදී හද තුල මියැදුන

මෙලොව එළිය දකිනට පින් මදි වුන

සෙනෙහෙ නැමති දෙව්දුව සතපන්නද

හිමියනි ඔබ ඔය තොටිලි තනන්නේ

 

මගෙ හද ගැබ ඇ ට සුවයක් නොවුනිද

නුඹෙ රැකවරණය අඩුවක් දැනුනිද

එන්නට යන ලොව ගැන බිය හිතුනිද

ඇය කිසිදා නෑ එළිය දකින්නේ

 

දැනගත් දා ඇය හදට වැඩිය වග

මතකද අප මැව් සිහින අහස් ගැබ

හිමියනි දැනුනා ඇය මියගිය බව

නුඹ තවමත් නෑ එය අදහන්නේ

 

ඇය රැක ගන්නට අපට වරම් නැති

හීන දරන්නට දැන් හිත ඉඩ මදි

පෙර බවයකදිත් මෙලෙසම වෙන්නැති

මම ආයෙත් නෑ සෙනෙහෙ දරන්නේ

ලන්තෑරුම් හිමිකාරි

එලි වර්ග

ආලෝකමත් වන අය

ආලෝකමත් වූ ගණන

Copyright © Samanalee Jayamaha